spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවක ගුරුවරියකගේ වේවැල සැර වී 4 වසරේ සිසුවෙකු වාට්ටුවට

පන්ති භාර ගුරුවරියගෙන් පහරකෑමට ලක් වූ 09 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කිරීමේ සිද්ධියක් වාර්තාවනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව කර්කස්වොල් දමිළ මහා විද්‍යාලයේ යි.

එම ප්‍රාථමික විදුහලේ සේවය කරන පන්ති භාර ගුරුවරියක විසින් පහර දී තුවාල සිදු කරනු ලැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත බගවන්තලාව පොලිසිය විමර්ශනයක් අරඹා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස පහරකෑමට ලක් ව ඇත්තේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේ පදිංචි සතිෂ් කුමාර් බභිෂ්කාන් නමැති පාසල් සිසුවා බවයි.

එම සිසුවා සිව්වැනි ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන බවත්, තම පාසලට අලුතින් පැමිණි ගුරුවරිය කිසිදු වරදක් නොකළ තමන්ට වේවැලකින් පහර දුන් බවත් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබන සිසුවා කියා සිටියා.

එම සිසුවාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අප එම විදුහලේ විදුහල්පති අම්මාසි රාමක්‍රිෂ්ණන්ගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ තම පාසලට අලුතින් පැමිණි ගුරුවරියක විසින් සිසුවාට පහර දුන් බවට එම සිසුවාගේ දෙමව්පියන් චෝදනා නගන බවත්, ඒ පිළිබඳ ව සොයා බලා මාධ්‍යය වෙත පිළිතුරු ලබාදීමට තමන් කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?