පන්ති භාර ගුරුවරියගෙන් පහරකෑමට ලක් වූ 09 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කිරීමේ සිද්ධියක් වාර්තාවනවා.
මෙම සිදුවීම සිදු ව ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව කර්කස්වොල් දමිළ මහා විද්‍යාලයේ යි.
එම ප්‍රාථමික විදුහලේ සේවය කරන පන්ති භාර ගුරුවරියක විසින් පහර දී තුවාල සිදු කරනු ලැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත බගවන්තලාව පොලිසිය විමර්ශනයක් අරඹා තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස පහරකෑමට ලක් ව ඇත්තේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේ පදිංචි සතිෂ් කුමාර් බභිෂ්කාන් නමැති පාසල් සිසුවා බවයි.
එම සිසුවා සිව්වැනි ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන බවත්, තම පාසලට අලුතින් පැමිණි ගුරුවරිය කිසිදු වරදක් නොකළ තමන්ට වේවැලකින් පහර දුන් බවත් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබන සිසුවා කියා සිටියා.
එම සිසුවාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අප එම විදුහලේ විදුහල්පති අම්මාසි රාමක්‍රිෂ්ණන්ගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ තම පාසලට අලුතින් පැමිණි ගුරුවරියක විසින් සිසුවාට පහර දුන් බවට එම සිසුවාගේ දෙමව්පියන් චෝදනා නගන බවත්, ඒ පිළිබඳ ව සොයා බලා මාධ්‍යය වෙත පිළිතුරු ලබාදීමට තමන් කටයුතු කරන බවයි.














mageyi pasal kalaya 1972 sita 1986 dakwa. (A/L dakwa). godak swa sir la hitiya Mendis Sir, Silva Sir, Perera Sir, Piyasena Sir. Eyi wagema teacher (9ape kalaye teacher kiyuwe guruwaruyanta) lath hitiya, Olga Teacher, Dias Teacher, Weerasingha Teacher, Sriyani Teacher wani aya. Mama hitapu hema panthiyakama palamu 10 dena athare hitiya, tution giyema nahe. panthiye kadayo sek ekak hitiya, ungen sahena kotasak igena ganne nahe, hebayi kita marala enne, dura enakota suwndha danenawa, kiri kokku wageyi andhu. un grade 9 wal indha diga kalisam antda. un kada wedak kalama api pawla denne nahe. hebayi panthiyama guti kanawa. mata wewalen athata gahanne harima hemin. shirt eka ussala ho kalisama path karala denne idhimila palila wadi wenna beri wennama thamayi. hebayi un ngewal wala gihin kiyuwenahe, poriyel eka labena nisa. kiyuwah gedarin enne nahe. guru mandalayen ma kana pirenna ahaganna wena nisa. guti kanna ona, eka athdakeemak, dn meka aye kisi weraddak karana ekak nahe.
Isara apata denne pita madadawa ta wewelen.mta th Science madam note book eka genna amthka wela dunna pita maddawata wewalen .payak withara pite atha thiyan hitiye .