spot_imgspot_img
spot_img

නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට කූඨ ෆැක්ස් පණිවිඩ යැවූ අය රිමාන්ඩ්

නඩු හතක වරදකරුවෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබු විදෙස් ගමන් තහනමක් ඉවත් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ෆැක්ස් පණිවුඩයක් යවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර අත්අඩංගුවට ගත් එම අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය මෙම 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මීට පෙර අධිකරණයෙන් නියෝග කෙරුණේ.

සැකකාරියගෙන් ලබාගත් ප්‍රකාශ අනුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඊයේ (17) අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?