ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 152 වැනි අදියර යටතේ අද (11) පුත්තලම හලාවත ශාන්ත සෙබෙස්තියන් නවෝද්‍යා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එසේම පළමුවත් මව් රට, දෙවනුවත් මව් රට, තුන්වනුවත් මව් රට කියනවා සේම මෙන්ම පළමුවත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් දෙවැනුවත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සහ තුන්වැනුවත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් මේ ආකාරයෙන් උගත් බුද්ධිමත් ජන පරපුරක් බිහි වනවා යනු ජාතික ආරක්ෂාව පවා තහවුරු වීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මේ වන විට අප රටේ ධීවරයන්, ධීවර කර්මාන්තයේ නිරත වන්නේ ගෙදර ඇති රත්‍රං උගස් කර තෙල් ලබා ගෙන බවත් මෙවැනි තත්ත්වයක් කවදාවත් රට තුළ නොතිබූ බවත් ෆෙස්ටස් පෙරේරා, ජෝසෆ් මයිකල් පෙරේරා යන අමාත්‍යවරුන්ගේ කාලයේ ධීවර ක්ෂේත්‍රයේ රන්වන් යුගය උදා වූ බවත් ඔවුන් ධීවර කර්මාන්තය තරගයට දියුණු කළත් දැන් කුඩා බෝට්ටුවලට 18000කට තෙල් ගහන්න කනකර උගස් කරන්න වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වසර 20ක් ධීවර ප්‍රජාව ජීවත් වන ප්‍රදේශයක සේවය කළ තමාට ද ධීවරයන් ගැන අවබෝධයක් පවතින බවත් මේ ආකාරයෙන් අසරණ තත්ත්වයකට පත්ව ඇති ප්‍රදේශයක පාසලකට මෙවැනි ප්‍රදානයක් සිදු කළේ ඔවුන්ගේ දරුවන්ට ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනයක් ලබා දීමට බවත් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අප අධ්‍යාපනය ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සුහුරු අධ්‍යාපනය සුහුරු කෘෂිකර්මාන්තය මෙන්ම සුහුරු ධීවර කර්මාන්තයක් ද පවතින බවත් සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය අධිතාක්ෂණික ක්‍රමවේද එහි දී යොදා ගත හැකි බවත් එක්සත් ජාතීන්ගේ සයුර පිළිබඳ සම්මේලයේ දී ජාත්‍යන්තර මුහුදු නීතිය හරහා දූපතක් ලෙස අප රටට වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් අයිති වුවත් එමඟින් හරිහැටි ප්‍රයෝජනයක් නොගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දිනවල කයිවාරු ගහන විප්ලවවාදින් පවා ධිවර ඇමතිකම් කළත් මේ අනන්‍ය මුහුදු සීමාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත් බවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම සයුරු සම්පත ඒකාබද්ධ ව්‍යාපෘති හරහා අප රටේ අයිතියත් තියා ගෙන ලබා ගත හැකි උපරිම ප්‍රතිලාභ ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ලංකාවෙන්ම අංක 1 කියන්න වෙන කාටවත් බැරි වුණත් සමගි ජන බලවේගයට ලංකාවෙන්ම අංක 1 කියන්න හැකියාවක් පවතින බවත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට පක්ෂයක් මෙවැනි වැඩකොටසක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බවත් මේ සඳහා සහයෝගය ලබා දෙන විශාල පිරිසක් සිටින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

  1. අනේ ගොනෝ මෙච්චර කල් අපි ආණ්ඩු කරා වගේනේ කතා කරන්නේ. උඹලා තමයි මේ රට විනාශ කලේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38