spot_imgspot_img

ද.අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ප්‍රබල භූකම්පනයක් (වීඩියෝ)

දකුණු අප්‍රිකාවේ ජනාකීර්ණ ප්‍රදේශයවන ජොහැන්නස්බර්ග් නුවර ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා.

එරට වේලාවෙන් අද (11) අලුයම 2:38ට පමණ හටගෙන ඇති මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 5.0ක අගයක් ගෙන තිබුණා.

එරට විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රස්ථානය වන ජොහැන්නස්බර්ග් නගරයේ ගොඩනැඟිලි මෙම භූකම්පනයත් සමඟ සෙලවීමට ලක් වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

2014 අගෝස්තු මාසයේ දී රික්ටර් පරිමාණයේ 5.3ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ජොහැන්නස්බර්ග් නගරය කේන්ද්‍රකර ගනිමින් මීට පෙර සිදුව තිබුණා.

එරට හදිසි සේවා දෙපාර්තමේන්තුව කිසිඳු ජීවිත හානියක් හෝ තුවාලයක් අද සිදුවූ භූ කම්පනයෙන් වාර්තා නොකළ නමුත් ආපදා කළමනාකරණ කණ්ඩායම් සූදානම්ව සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?