දොඩම්වත්තේ චූටි නංගී ඇතුළු තිදෙනෙකු කොටුවෙයි

මහියංගණය – දොඩම්වත්තේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ‘චූටි නංගී’ ලෙස හඳුන්වන තැනැත්තිය ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සැකකාරිණියගේ පියා හා මස්සිනා ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මහියංගණය පොලිසියට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10.4ක්, ජංගම දූරකථන 11ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ බවට සැක කෙරෙන මුදලින් රුපියල් 119,000ක මුදලක් සමග සැකකරුවන් ව ඊයේ (24) අත් අඩංගුවට ගැනුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙර ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ තැනැත්තියක් බවත් ඇයගේ මව ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් තැනැත්තියක් බව ද පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57