දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 තෙක් සිපිරිගෙට – ඇප ඉල්ලීමත් ප්‍රතික්ෂේපයි (වීඩියෝ)

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝග කළේ; අප්‍රේල් මස 03 වැනි දින දක්වා සැකකාර තෙන්නකෝන් මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් වී ඇති පසුබිමකදී දින 20කට ආසන්න කාලයක් සැඟව සිට දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (19) පෙරවරුවේ සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.

ඉන් අනතුරුව නඩුව සලකා බැලුණු අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අද දින දක්වා සැකකාර තෙන්නකෝන් මහතා ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාව අඟුණුකොළපැලැස්ස රැඳවුම් මධ්‍යස්ථානය වෙත දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ රැගෙන යාම ද සිදු කෙරුණා.

කෙසේවෙතත් යළිත් රක්ෂිත බන්ධනාගාරයට නියම වුණු දේශබන්දු තෙන්නකෝන් ව අද දිනයේ දී බෝගම්බර – දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන යන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
0
+1
19
+1
1
+1
4
+1
1
+1
0
  • Tags
  • D
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36
Video thumbnail
මහියංගණය වෙ# තැබීමේ සියල්ල හෙළිවෙයි - සජීවී දර්ශන මෙන්න
05:17
Video thumbnail
🔴BREAKING NEWS
01:26

?