දේශබන්දු තෙන්නකෝන්ට වැඩ පෙන්නූ සැකකරු ඇතුළු තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අතින් අල්ලා ගෙන පහරදුන් බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනා ලබන 15 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 08 නියෝග කළේය.

අද පැවැත්වීමට නියමිතව තිබූ හදුනාගැනීමේ පෙරට්ටුව සදහා ආවරණ සහිතව සැකකරුවන් තිදෙනා රැගෙන විත් තිබුණද සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් ට වෛරස් උණ රෝගය සෑදී ඇති බවට පොලිසිය සිදු කළ කරුණු දැක්වීමට අනුව අදට නියමිතව තිබූ පෙරට්ටුව අවලංගු කෙරිණි.

ඉදිරි දින සැකකරුවන් ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කර සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ සිසිටිවි දර්ශන මත විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:10
Video thumbnail
වාර්තාගත ලාභ ඇතිවීම ගැන ලංගම සභාපති ගැම්මට කිව්ව කතාව..දශක කිසිපයක වැඩ එකතුවෙලා වෙන සති තියෙනවා
03:32
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:46
Video thumbnail
හිටපු හොරුන්ටත් වඩා මුන් පට්ටපල් හොරුවෙලා..අපිලාගේ සාදූ කුපිත වී හොඳම එකෙන් අමතයි
06:21
Video thumbnail
මාලිමා කට්ටියගේ මන්ත්‍රීකම සහ ඇමතිකම තනතුර අහෝසි විය යුතුයි
13:49
Video thumbnail
කාසල්රි ජලාශය ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් වෙයි
02:44
Video thumbnail
වහාම ක්‍රියාත්මක වන පරිදි මට පොලිස් ආරක්ෂාව දෙන්න..මට ගොඩක් තර්ජන තියෙනවා..
03:33
Video thumbnail
අලුත් අවුරුදු සමරන්න ඇවිත් සහෝදරයින් තිදෙනෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:11
Video thumbnail
නුවරඑළිය වසන්තය බලන්න විශාල සෙනඟක් එයි
01:40
Video thumbnail
දුම්රියෙන් පැමිණි පිරිස සතුටින් කිව්ව දේ.."සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා..වෙලාවට ආවා"
02:58