බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අතින් අල්ලා ගෙන පහරදුන් බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනා ලබන 15 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 08 නියෝග කළේය.
අද පැවැත්වීමට නියමිතව තිබූ හදුනාගැනීමේ පෙරට්ටුව සදහා ආවරණ සහිතව සැකකරුවන් තිදෙනා රැගෙන විත් තිබුණද සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් ට වෛරස් උණ රෝගය සෑදී ඇති බවට පොලිසිය සිදු කළ කරුණු දැක්වීමට අනුව අදට නියමිතව තිබූ පෙරට්ටුව අවලංගු කෙරිණි.
ඉදිරි දින සැකකරුවන් ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කර සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ සිසිටිවි දර්ශන මත විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.













