ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 06කට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ.
එම සංවිධානය අද (26) පස්වරු 2.45ට නිකුත් කළ එම නිවේදනයට අනුව තවත් දිස්ත්රික්ක 11ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස
කිහිපයක් සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදන සහ අනතුරු ඇඟවීමේ මට්ටම 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
දෙවන මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාස
කළුතර දිස්ත්රික්කයේ – වලල්ලාවිට, දොඩංගොඩ, බුලත්සිංහල සහ මදුරාවල
මහනුවර දිස්ත්රික්කයේ – උඩුනුවර සහ පස්බාගේ කෝරළය
නුවරඑළිය දිස්ත්රික්කයේ – අඹගමුව කෝරළය, කොත්මලේ නැගෙනහිර සහ නොර්වුඩ්
කුරුණෑගල දිස්ත්රික්කයේ – කුරුණෑගල
රත්නපුර දිස්ත්රික්කයේ – නිවිතිගල, කිරිඇල්ල, බලංගොඩ, ඇහැලියගොඩ සහ කලවාන
කෑගල්ල දිස්ත්රික්කයේ – දෙහිඕවිට, අරණායක, ගලිගමුව සහ දැරණියගල
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – නරඹන්න (කහ)
ගම්පහ දිස්ත්රික්කයේ – අත්තනගල්ල
කළුතර දිස්ත්රික්කයේ – මිල්ලනිය, ඉංගිරිය, බේරුවල, හොරණ සහ පාලින්දනුවර
මහනුවර දිස්ත්රික්කයේ – උඩපළාත, උඩදුම්බර සහ ගඟ ඉහළ කෝරළය
නුවරඑළිය දිස්ත්රික්කයේ :- බටහිර කොත්මලේ
කෑගල්ල දිස්ත්රික්කයේ – රුවන්වැල්ල, වරකාපොළ, කෑගල්ල, මාවනැල්ල සහ යටියන්තොට
රත්නපුර දිස්ත්රික්කයේ :- ඉඹුල්පේ, වැලිගෙපොළ, කහවත්ත සහ කොළොන්න
කුරුණෑගල දිස්ත්රික්කයේ – මාවතගම, නාරම්මල සහ අලව්ව
ගාල්ල දිස්ත්රික්කයේ – කරන්දෙණිය සහ තවලම
