ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාවක් පිරිනමන්න – එජාපය කියයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දැනට සිරදඬුවම් විඳින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාවක් පිරිනමන්නැයි එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා.

එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක් මගින් ඒ බව අවධාරණය කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වාගේ නිගමනයට අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට උපරිම දඬුවම් කාලය මාස 18ක් බවත් එම වරදට ඥානසාර හිමියන් මාස 10කට වැඩි කාලයක් බන්ධනාගාර ගතවී සිටි බවයි.

ත්‍රෛයිනිකායික මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව එවකට එක්සත් ජාතික පක්ෂය ද හවුල් වූ රජයක් වෙතින් උන් වහන්සේ වෙත එදා ජනාධිපති සමාවක් ප්‍රදානය කරනු කබු බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහිද ජනාධිපති සමාවක් උන්වහන්සේ වෙත නැවත පිරිනැමීමට සළකා බැලිය හැකි බවට සඳහන්ය= කරන එජාපය, ඒ අනුව ත්‍රෛයිනිකායික මහානායක හිමිවරුන්ගේ මැදිහත්වීම මත උන්වහන්සේ වෙත පූර්ණ ජනාධිපති සමාවක් ලබාදී මෙම අර්බුදය අවසන් කළයුතු බවයි අවධාරණය කරන්නේ.