දෙවරක් හඳට ගිය ලොව එකම මිනිසා පෘථිවිය හැරයයි

ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමික් වන ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇමරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්තවන විට 97වන වියේ පසු වුණා.

1928 වසරේ දී උපත ලැබූ ඔහු ඉතිහාස ගත වුණේ දෙවරක් සඳට ගිය මිනිසා ලෙසටයි.

ඇපලෝ 8 මෙහෙයුම යටතේ සඳට ගමන් කළ පළමු ගඟනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු ද වන ලොවෙල්, 1970 ක්‍රියාත්මක වූ ඇපලෝ 13 මෙහෙයුමට අණ දුන් ගඟනගාමියා ලෙසද කටයුතු කළා.

අවස්ථා දෙකක දී ජිම් ලොවෙල් සඳ තරණය කළ ද එම අවස්ථා දෙකේදීම ඔහු සඳ මතට පා තැබුවේ නැහැ.

1970 අප්‍රේල් 13 වන දින ඇපලෝ 13 මෙහෙයුම අතරතුර ඔක්සිජන් ටැංකියක් පුපුරා ගිය අවස්ථාවේ දී, තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම පෘථිවියට ආපසු රැගෙන ඒමේ මෙහෙයුමේ ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළා.

මේ අතර ජිම් ලොවෙල්ගේ අභාවය සම්බන්ධයෙන් නාසා ආයතනය සිය කණගාටුව පළකර තිබෙනවා.

නාසා ආයතනය පවසන්නේ, “දශක ගණනාවක් පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට ආභාෂය ලබා දුන් කපිතාන් ජිම් ලොවෙල්ගේ පවුලට නාසා ආයතනය සිය ශෝකය පළ කරනව. ජිම්ගේ චරිතය සහ නොසැලෙන ධෛර්යය අපේ ජාතියට සඳට ළඟා වීමට උපකාරී වූ අතර, විභව ඛේදවාචකයක් සාර්ථකත්වයක් බවට පත් කළ අතර එයින් අපි අතිවිශාල ප්‍රමාණයක් ඉගෙන ගත්තෙමු,”යනුවෙන්.

  1. ලෝකයේ සුවිශිෂ්ට මිනිස්සු මහපොලව අත හැර ගියත් පොලව මත දිගු ඉතිහාසයක් ලියා යනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54