ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී සහ මෙරට නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් Ajay Kochhar (Vice Chief of the Naval Staff of the Indian Navy) අද (09) දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවුණා.

ඒ අනුව, ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී, නාවික හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් මාණ්ඩලික ප්‍රධානි ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වෙත හඳුන්වා දීම සිදු කෙරුණා.

නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම නිල හමුවේදී, ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර දෙරටේ නාවික හමුදා අතර පවත්නා සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය ඇතුළු ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව උපාය මාර්ගික මට්ටමේ අදහස් හුවමාරුවක් සිදු කෙරුණා.

තවද, මෙම නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40