දෙවන එක්දින තරගය අද – ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ වෙනසක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර දෙවන එක්දින තරග අද (31) හරාරේ හිදී ආරම්භ වනවා.

තරගාවලියේ පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාව මෙම තරගය ද ජයගෙන එක්දින තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමේ අරමුණින් අද දිනයේ තරග බිමට පිවිසීමට නියමතයි.

අද තරගය ජයගෙන තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයේ සිටිමින් තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය අවසන් කිරීම සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වන අතර, මෙම තරග ජාත්‍යන්තර එක්දින පිටියේ පැවැත්වේ 4,900 වැනි තරගයවීම ද විශේෂත්වයක්.

මේ අතර අද තරගය සඳහා ශ්‍රී ලංකා පිතිකරණ ලයිස්තුවේ එක් වෙනස්කමක් සිදුවනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා පිළේ ආරම්භ පිතිකරු නිශාන් මධුෂ්ක වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක යම් ආබාධ තත්ත්වයටක ලක්ව ඇති බව හරාරේ නුවරින් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32