AFC Banner
AFC Banner
Empty Ad

දෙදරු පියෙකු මරා දැමූ පිය පුතු දෙපළට මරණීය දණ්ඩනය

දෙදරු පියෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ බව කියන පිය – පුතු දෙපළකට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි තමාරා වික්‍රමසිංහ මෙනවිය අද මරණීය දණ්ඩනය නියම කළා.

මෙලෙස මරණීය දණ්ඩය නියම වූයේ මාදම්පේ පොලිස් වසමේ වීරකොඩියාව, රත්නගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටයි.

2015 ජුනි මස 21 වනදා හෝ ඊට ආසන්න දිනයක දී මාදම්පේ පොලිස් වසමේ වීරකොඩියාව, රත්නගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඉන්දික රුවන් සංජීව යන අයව තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව හලාවත මහාධිකරණයේ චෝදනා ගොනුකර තිබුණා.

කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් බවට සැකකර තම අසල්වැසියෙකු වූ දෙදදරු පියෙකුව මහ මගදී කපා කොටා විත්තිකරුවන් දෙදෙනා විසින් ඝාතනය කරන ලද බවට මාදම්පේ පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී තිබුණා.

වසර 09ක කාලයත් තිස්සේ විභාග වූ එම නඩුවේ තීන්දුව අද (10) දිනයේ හලාවත මහාධිකරණය විසින් මෙලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?