අවසන් තරගයේ දී කළ වැඩේට අර්ෂ්දීප් සිංට දඩයක්

අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පෙරේදා දිනයේ දී නවසීලන්තයට එරෙහිව පැවති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහයේ 01 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිංට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් නියම කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ජාත්‍යන්තර තරඟයක් අතරතුර නුසුදුසු සහ/හෝ භයානක ආකාරයෙන් ක්‍රීඩකයෙකු වෙත බෝලයක් (හෝ ක්‍රිකට් උපකරණවල වෙනත් ඕනෑම අයිතමයක්) විසි කිරීම” සම්බන්ධ ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.9 වගන්තිය අර්ෂ්දීප් උල්ලංඝනය කර ඇති බවයි.

අවසන් තරගයේ නවසීලන්ත ඉනිමේ 11 වන පන්දු වාරයේ දී අර්ෂ්දීප් විසින් නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් දෙසට විසිකළ පන්දුවක් මිචෙල්ගේ කලවා ප්‍රදේශයේ වැදීම නිසා පිටියේ නොසන්සුන්තාවයක් හටගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32