දෙදරු පියෙකු මරා දැමූ පිය පුතු දෙපළට මරණීය දණ්ඩනය

දෙදරු පියෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ බව කියන පිය – පුතු දෙපළකට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි තමාරා වික්‍රමසිංහ මෙනවිය අද මරණීය දණ්ඩනය නියම කළා.

මෙලෙස මරණීය දණ්ඩය නියම වූයේ මාදම්පේ පොලිස් වසමේ වීරකොඩියාව, රත්නගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටයි.

2015 ජුනි මස 21 වනදා හෝ ඊට ආසන්න දිනයක දී මාදම්පේ පොලිස් වසමේ වීරකොඩියාව, රත්නගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඉන්දික රුවන් සංජීව යන අයව තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව හලාවත මහාධිකරණයේ චෝදනා ගොනුකර තිබුණා.

කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් බවට සැකකර තම අසල්වැසියෙකු වූ දෙදදරු පියෙකුව මහ මගදී කපා කොටා විත්තිකරුවන් දෙදෙනා විසින් ඝාතනය කරන ලද බවට මාදම්පේ පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී තිබුණා.

වසර 09ක කාලයත් තිස්සේ විභාග වූ එම නඩුවේ තීන්දුව අද (10) දිනයේ හලාවත මහාධිකරණය විසින් මෙලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

  1. ලංකාවේ තමා මේ තරම් කාලයක් ගන්නෙ වැරදි කරුවන් සනාත කරගන්න.ඒක ලොකු දුර්වලතාවයක් අපේ නිතිරිතී වල තියෙන .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14