දූෂණයට ලක්ව දින ගණනක් සිහිසුන්ව සිටි කාන්තාවක් රෝහලේ දී ජීවිතක්ෂයට

කරන්දෙණිය පොලිස් වසමේ තල්ගහවත්ත, මුල්කැටියාතොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය 21 වනදා සිහිසුන්ව නිවස තුළ වැටී සිටිය දී එය දුටු අසල්වාසියෙක් ඇයව සුවසැරිය ගිලන් රථයකින් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දින කිහිපයක් ඇය සිහිසුන්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 25 වනදා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඇයගේ මෘත ශරීරය පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන්ට සිරුරේ සීරීම් හා තුවාල සිදුව ඇති ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් මතු වූ සැකය මත වැඩිදුරටත් සිදුකරන ලද පරීක්ෂණවල දී ඇය දූෂණයට ලක්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මේ පිළිබඳව කරන්දෙණිය පොලිසිය දැනුවත් කිරීමට රෝහල කටයුතු කර ඇති අතර, පසුව පොලිසිය විසින් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු විසින් අදාළ කාන්තාව දූෂණය කර ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අදාළ කාන්තාවගේ නිවසට නිරත ආ ගිය පුද්ගලයෙක්.

මේ අතර සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මියගිය කාන්තාව 74 හැවිරිදි වියේ පසුවන අතර, ඇය නිවසේ තනිව ජීවත්ව සිට ඇති බවයි වාර්තා වුණේ.

මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී අනිද්දා (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව කරන්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11