spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුෂී මූලික වටයේ දී විවේක ගැන්වීමේ තීරණයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් තරගයක් අද (25) බුලවායෝ හිදී පැවැත්වෙනවා.

අයර්ලන්තය සමඟ පැවැත්වෙන මෙම තරගය සඳහා පසුගිය තරගය සඳහා එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ම එක්වන බවයි සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සුදුසුකම් ලැබීමේ තරග වටයේ මූලික වටයේ දී විවේක ගැන්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ඔහු සුපිරි හය දෙනාගේ වටයේ දී කණ්ඩායමට කැඳවීමට බලාපොරොත්තුවක් ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

පුහුණුවීම් අතර තුර චමීර උරහිසේ ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව ඔහු ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණා.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි එහිදී අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?