කහතුඩුව පොලිස් වසමේ කිරිවත්තුඩුව ප්රදේශයේදී පුද්ගලයින් දෙපාර්ශවයක් අතර ඇති වූ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මරණකරු අවුරුදු 77 ක් වූ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විර්මශනයේදී අනාවරණය වී තිබෙනවා.
කහතුඩුව පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.













