spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිවයින පුරා රෝහල් ඉදිරිපිට අද නිහඩ විරෝධතා

වෛද්‍යවරුන් රට හැර යාම නිසා රටට ඇති වී ඇති බලපෑමට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා රෝහල් ඉදිරිපිට අද නිහඩ විරෝධතා සංවිධානය කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසූයේ අද දහවල් 12 සිට සවස දෙක දක්වා මෙම විරෝධතා මාලාව පැවැත්වෙන බවයි රෝහල්වල ප්‍රතිකාර සේවා වලට බාධාවක් නොවන පරිදි මෙම විරෝධතා පැවැත්වෙන බව වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවා.

වෛද්‍යවරුන් රට හැර යාම නිසා මේ රටේ සෞඛ්‍ය පද්ධතියට ඇති වී ඇති බලපෑම සමනය කිරීමට නම් රට තුළ වෛද්‍යවරුන් රදවා ගැනීම සඳහා දිරිමත් කිරීම කළ යුතුයි. එපමණක් නොවේ ඒ සඳහා ප්‍රතිපත්ති මාලාවක්, වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය යුතුයි. මෙම ප්‍රශ්නය හරහා දිගින් දිගටම බලපෑම් එල්ල වන්නේ මේ රටේ අහිංසක ජනතාවට. මේ ප්‍රශ්නය මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයක් රටේ ප්‍රශ්නයක් එබැවින් මේ ගැටළුවට වහාම විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් වැඩසටහන් ගණනාවක් අප දියත් කරමින් සිටිනවා. පසුගිය දින කිහිපය තුළම රටේ විවිධ පාර්ශ්වයන් අප දැනුවත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?