AFC Banner
AFC Banner
Empty Ad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද (10) දිනයේ සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි සඳහන්.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද නිවේදනයේ සඳහන් වනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41
Video thumbnail
හිටපු ජනාධිපති කියලා සෙල්ලම් බෑ - මාලිමා මන්ත්‍රී හැමෝටම රතු එළි දල්වයි
11:12
Video thumbnail
සහෝදර ප්‍රේමය උතුරයි - මල්ලි බලන්න නාමල් අයියා CID එයි
17:29

?