අම්මව බේරගන්න ආ මාමාට පුතා පොල්ලකින් ගහලා මරලා

මින්නේරිය පොලිස් වසමේ රොටවැව ප්‍රදේශයේ නිවසක් තුළදී සිදුවූ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (06) රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රොටවැව, ගල්ඔය හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70ක අයෙක්.

මෙම පුද්ගලයාට යාබද නිවසක පදිංචිව සිටින තම සහෝදරියට ඇයගේ මන්ද මානසික රෝගී තත්වයෙන් සිටින පුත්‍රයා විසින් පහරදෙන බවට දැනගන්නට ලැබී තිබෙනවා.

පසුව ඒ පිළිබඳව සොයාබැලීම සඳහා සහෝදරියගේ නිවසට ගිය අවස්ථාවේ සහෝදරියගේ එම පුත්‍රයා විසින් පොල්ලකින් ඔහුට පහරදී ඝාතනයකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර, පහරදීමෙන් තුවාල ලැබූ සැකකරුගේ මව හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18