දියණියගේ පෙම්වතාව නො එන ගමන් යැවූ තාත්තෙක් පොලිස් අත්අඩංගුවට

මහියංගණය – යල්වෙල, ඉගිරිය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදු ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ 26 හැවිරිදි ආර්. එම්. නිපුන් සංජුල නමැත්තෙකු බවයි.

මරණයට පත් වූ තරුණයා සැකකරුගේ දියණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා තිබෙනවා.

පසුව සැකකරු විසින් එය නවත්වන ලෙසට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව තරුණයා සමග අදාළ දියණිය තිබූ සබඳතාව නතර කර දමා රැකියාවක් සඳහා කොළඹ ප්‍රදේශයට ගොස් තිබෙනවා.

ඉන් උරණ වූ තරුණයා ඊයේ (11) පස්වරුවේ තරුණියගේ නිවසට පැමිණ නිවසේ ජනෙල් වෙත පොල්ලකින් පහර දී නිවසට ඇතුල් වී එහි සිටි තරුණියගේ පියාට පොල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී සැකකරු විසින් තරුණයාට පිහියකින් පහර දී බිම දමා ඉන් අනතුරුව හිසට මෝල් ගසකින් ද පහර දී ඝාතනය කර තිබෙනවා.

සිද්ධිය මියගිය තරුණයා පෙතියාගොඩ – රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සම්බන්ධයෙන් 57 හැවිරිදි තරුණියගේ පියා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු එම ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?