දියණියගේ පෙම්වතාව නො එන ගමන් යැවූ තාත්තෙක් පොලිස් අත්අඩංගුවට

මහියංගණය – යල්වෙල, ඉගිරිය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදු ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ 26 හැවිරිදි ආර්. එම්. නිපුන් සංජුල නමැත්තෙකු බවයි.

මරණයට පත් වූ තරුණයා සැකකරුගේ දියණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා තිබෙනවා.

පසුව සැකකරු විසින් එය නවත්වන ලෙසට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව තරුණයා සමග අදාළ දියණිය තිබූ සබඳතාව නතර කර දමා රැකියාවක් සඳහා කොළඹ ප්‍රදේශයට ගොස් තිබෙනවා.

ඉන් උරණ වූ තරුණයා ඊයේ (11) පස්වරුවේ තරුණියගේ නිවසට පැමිණ නිවසේ ජනෙල් වෙත පොල්ලකින් පහර දී නිවසට ඇතුල් වී එහි සිටි තරුණියගේ පියාට පොල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී සැකකරු විසින් තරුණයාට පිහියකින් පහර දී බිම දමා ඉන් අනතුරුව හිසට මෝල් ගසකින් ද පහර දී ඝාතනය කර තිබෙනවා.

සිද්ධිය මියගිය තරුණයා පෙතියාගොඩ – රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සම්බන්ධයෙන් 57 හැවිරිදි තරුණියගේ පියා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු එම ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40