spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දින 08කට පසු අද වෙළඳපොළට ගෑස් – ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ සීඝ්‍ර වැඩිවීමක්

අද (31) දිනයේ ගෑස් වෙළෙඳපොළ ට නිකුත් කිරීමට නියමිත බව ලිට්රෝ සමාගම සඳහන කළා.

එම සමාගම මෙලෙස ගෑස් වෙළෙඳපොළට නිකුත් කරන්නේ දින අටකට පසු වීම විශේෂත්වයක්.

අද (31) දිනයේ සිට ලබන සිකුරාදා (03) දක්වා දෛනිකව ගෑස් සිලින්ඩර් 50,000ක් බැගින් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි එම සමාගම පැවසුවේ.

මේ අතරින් සිලින්ඩර සියයට 60ක් එනම් සිලින්ඩර් 30,000ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් වෙත බෙදාහැරීමට නියමිතයි.

ඊයේ (30) දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,950ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි අතර එය ගොඩබෑමේ කටයුතු පස්වරුව ආරම්භ කළා.

එමෙන්ම තවත් ගෑස් මෙට්‍රික් ටොන් 25,000ක නෞකාවක් මෙම සති අන්තයේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

මේ අතර ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව බලශක්ති ආර්ථික විද්‍යාව සහ මූල්‍ය විශ්ලේෂණය පිළිබද ආයතනය සඳහන් කරනවා.

රුසියාව විසින් වෙළෙඳෙපොළට ගෑස් සැපයුම පාලනය කිරීමත් සමඟයි මෙලෙස ගෑස් මිලේ සීඝ්‍ර ඉහළ යාමක් සිදුව ඇත්තේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ද එම ආයතනය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?