දින 08කට පසු අද වෙළඳපොළට ගෑස් – ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ සීඝ්‍ර වැඩිවීමක්

අද (31) දිනයේ ගෑස් වෙළෙඳපොළ ට නිකුත් කිරීමට නියමිත බව ලිට්රෝ සමාගම සඳහන කළා.

එම සමාගම මෙලෙස ගෑස් වෙළෙඳපොළට නිකුත් කරන්නේ දින අටකට පසු වීම විශේෂත්වයක්.

අද (31) දිනයේ සිට ලබන සිකුරාදා (03) දක්වා දෛනිකව ගෑස් සිලින්ඩර් 50,000ක් බැගින් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි එම සමාගම පැවසුවේ.

මේ අතරින් සිලින්ඩර සියයට 60ක් එනම් සිලින්ඩර් 30,000ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් වෙත බෙදාහැරීමට නියමිතයි.

ඊයේ (30) දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,950ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි අතර එය ගොඩබෑමේ කටයුතු පස්වරුව ආරම්භ කළා.

එමෙන්ම තවත් ගෑස් මෙට්‍රික් ටොන් 25,000ක නෞකාවක් මෙම සති අන්තයේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

මේ අතර ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව බලශක්ති ආර්ථික විද්‍යාව සහ මූල්‍ය විශ්ලේෂණය පිළිබද ආයතනය සඳහන් කරනවා.

රුසියාව විසින් වෙළෙඳෙපොළට ගෑස් සැපයුම පාලනය කිරීමත් සමඟයි මෙලෙස ගෑස් මිලේ සීඝ්‍ර ඉහළ යාමක් සිදුව ඇත්තේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ද එම ආයතනය පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14