දින කිහිපයකට පෙර මියගිය කාන්තාවකගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

ඉපලෝගම, රණජයපුර,රණවිරු ගම්මානයේ නිවසක් තුළ තිබී අබිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් අද සවස පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

අදාළ නිවස දෙසින් අධික දුගඳක් හමන බවට ප්‍රදේශවාසීන් විසින් ඉපලෝගම පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව සිදු කළ සෝදිසියකදී යි අදාළ මළ සිරුර සොයා ගෙන ඇත්තේ.

කාන්තාවගේ සිරුර සොයා ගන්නා විට එය එම නිවසේ විදුලි පංකාවක එල්ලෙමින් පැවැති බව සඳහන්.

මළ සිරුර පවතින තත්ත්වය අනුව දින කිහිපයකට ඉහතදී එම කාන්තාව මිය ගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අදාළ නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 43ක දෙදරු මවක් බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

ඇය විදේශගතවී සිට මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවටයි මූලික මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මියගොස් ඇති කාන්තාවගේ සැමියා නාවික හමුදාවේ විශ්‍රාමිකයකු වන අතර මෙම කාන්තා විදේශගතව සිට එම නිවස වෙත පැමිණ සිටි කාල සීමාව තුල ඔහු නිවසේ රැනදී සිට ඇති බව සඳහන්.

එහෙත් මීට දින කිහිපයකට ඉහත සිට සැමියා ද නිවසෙන් අතුරුදන්ව ඇති බවටයි මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෙය සිය දිවි නසා ගැනීමක්ද නැතහොත් ඝාතනයක් ද යන්න සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන මේක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15