දිනේෂ් ශාෆ්ටර් ගේ මරණයට හේතු සෙවීමට පත් කරන කමිටුව ගැන මහේස්ත්‍රාත්වරියගෙන් ප්‍රකාශයක්

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා පත් කිරීමට නියමිත විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ සාමාජිකයින් පත් කිරීමේ කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට තමන් අපේක්ෂා කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

මෙම පැමිණිල්ල අද කැදවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මීට පෙර අධිකරණය විසින් කරන ලද නියෝග වලට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින් අධිකරණ හා වෝහාරික විශේෂඥයින්ගෙන් සමන්විත නම් ලැයිස්තු අධිකරණය වෙත එවා තිබෙන බවයි දැනුම් දුන්නේ.

එම නාමලේඛන විශ්ලේෂණය කොට විනිවිදභාවයකින් යුතුව අදාල පංච පුද්ගල විශේෂඥ කමිටුවේ සාමාජිකයින් පත් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

තුවාල ලැබූ දිනේෂ් ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී සිදු කළ ප්‍රතිකාර පිළිබඳ වාර්තා අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස ඉකුත් දා නිකුත් කළ නියෝගයට අනුව එම වාර්තා මෙතෙක් ලැබී නොමැති බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඒ අනුව අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයා වෙත සිහි කැඳවීමක් යොමු කිරීමට ද නියෝග කළා.

ඉන් අනතුරුව මෙම කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම පරීක්ෂණය ලබන සදුදා කැදවන ලෙසටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26