spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිනේෂ් ශාෆ්ටර් ගේ මරණයට හේතු සෙවීමට පත් කරන කමිටුව ගැන මහේස්ත්‍රාත්වරියගෙන් ප්‍රකාශයක්

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා පත් කිරීමට නියමිත විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ සාමාජිකයින් පත් කිරීමේ කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට තමන් අපේක්ෂා කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

මෙම පැමිණිල්ල අද කැදවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මීට පෙර අධිකරණය විසින් කරන ලද නියෝග වලට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින් අධිකරණ හා වෝහාරික විශේෂඥයින්ගෙන් සමන්විත නම් ලැයිස්තු අධිකරණය වෙත එවා තිබෙන බවයි දැනුම් දුන්නේ.

එම නාමලේඛන විශ්ලේෂණය කොට විනිවිදභාවයකින් යුතුව අදාල පංච පුද්ගල විශේෂඥ කමිටුවේ සාමාජිකයින් පත් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

තුවාල ලැබූ දිනේෂ් ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී සිදු කළ ප්‍රතිකාර පිළිබඳ වාර්තා අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස ඉකුත් දා නිකුත් කළ නියෝගයට අනුව එම වාර්තා මෙතෙක් ලැබී නොමැති බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඒ අනුව අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයා වෙත සිහි කැඳවීමක් යොමු කිරීමට ද නියෝග කළා.

ඉන් අනතුරුව මෙම කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම පරීක්ෂණය ලබන සදුදා කැදවන ලෙසටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?