දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය ඥාතීන් රැගෙන යයි (ඡායාරූප)

මාස 06කට ආසන්න කාලයක් පොලිස් ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය යළි ඥාතීන් වෙත භාරදීම අද (04) දිනයේ සිදු කෙරුණා.

ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුවයි.

බොරැල්ල පොදු සුසාන භුමියේ මිහිදන්කර තිබූ ශාෆ්ටර්ගේ දේහය අධිකරණ නියෝගක් මත ඉකුත් මැයි මස 25වන දින පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් ඉදිරියේ ගොඩගනු ලැබුවා.

ඒ, එතෙක් අභිරහසක්ව පැවති ඔහුගේ මරණය සිදුව ඇති ආකාරය පිළිබඳව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහායි.

අනතුරුව විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය හමුවේ දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදුකෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි.

එම පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය වෙත රැගෙන එනු ලැබුවා.

කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාරය යූ.සී.පී.පෙරේරා, කරාපිටිය රෝහලේ විශෙෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර ඇතුළු පංච පුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් හමුවේ කරාපිටිය රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව එහි පරීක්ෂණ වාර්තාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට භාරදීම සිදුකළා.

ඉන් අනතුරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව පසුගිය පළමු වනදා ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

එහිදී අනාවරණය වුණේ මෙම මරණය ගෙළ සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදුවී ඇති බවයි.

ඒ, අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත් අධිකරණය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

ඉන් අනතුරුව අධිකරණය නියෝග කළේ කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති දේහය දිනේෂ් ශාෆ්ටර්ගේ ඥාතීන් වෙත භාරදීමටයි.

ඒ, අනුව අද (04) පෙරවරුවේ ඔහුගේ ඥාතීන් පැමිණ දේහය භාරගනු ලැබුවා.

මෙම අවස්ථාවේ කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

WhatsApp Image 2023 11 04 at 11.11.14 AM
WhatsApp Image 2023 11 04 at 11.11.13 AM 1
WhatsApp Image 2023 11 04 at 11.11.13 AM
WhatsApp Image 2023 11 04 at 11.11.12 AM 1
WhatsApp Image 2023 11 04 at 11.11.12 AM
WhatsApp Image 2023 11 04 at 11.11.11 AM 1
WhatsApp Image 2023 11 04 at 11.11.11 AM
WhatsApp Image 2023 11 04 at 11.11.10 AM
WhatsApp Image 2023 11 04 at 11.11.09 AM 1
WhatsApp Image 2023 11 04 at 11.11.09 AM
WhatsApp Image 2023 11 04 at 11.11.08 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39