දිනකට පිළිකා රෝගීන් 105ක්

දවසකට අලුතින් පිළිකා රෝගීන් 105ක් හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

2020 වර්ෂයේ දත්තවලට අනුව පිළිකා රෝගීන් 38,229ක් වාර්තා වී ඇති අතර ඉන් 20,395ක් කාන්තාවන්.

17,834 ක් පිරිමි පුද්ගලයන් බවයි විශේෂඥ වෛද්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළේ.

කාන්තාවන් අතර පියයුරු පිළිකා බහුල බවත් ඊට අමතරව ගර්භාෂ පිළිකා, තයිරෝයිඩ් හා මහා අන්ත්‍රයේ පිළිකා දැකිය හැකි අතර පුරුෂයන් අතර වැඩියෙන් ම වාර්තා වනුයේ මුඛ පිළිකා බව සඳහන්.

අමතරව පිරිමි පුද්ගලයන් අතර ශ්වසානාලය ගලනාලය හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා ද දැකිය හැකි බව ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

2020 වසරේදී පිළිකා ආසාදිතයින්ගෙන් 16,691ක් මරණයට පත්ව ඇති අතර දිනකට මරණ 46ක් පමණ වාර්තා වී තිබෙනවා.

කලින් හඳුනා ගැනීමෙන් පියයුරු, මුඛ සහ තයිරෝයිඩ් පිළිකා වැනි ඇතැම් පිළිකාවන් නිටිටටාවට ම සුව කළ හැකි බැවින් ඒ් ගැන දැනුවත්ව කල්පනාකාරීව කටයුතු කරන ලෙස පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08