ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම ගැන පොලිසියෙන් දැනුම්වත් කිරීමක්

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව ගනු ලැබූ තීරණයකට අනුව 2026 මැයි 01 දින සිට රක්ෂණ ආයතන මඟින් මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට, ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

එසේම, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 1999 අංක 20 දරණ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ පනත මගින් ස්ථාපිත කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන රථවාහන රක්ෂණය සඳහා ද 2026 ජූලි මස 20 දින සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පතක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමු වීමෙන් පසු දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන වෙත අවශ්‍ය නියෝග සහ උපදෙස් මේ වන විටත් ලබා දී ඇති බවයි පොලිස් මධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

ඩිජිටල් මෝටර් රක්ෂණාවරණ ලබා දෙන ආකාරය.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් රක්ෂණාවරණ ලබා දෙන ආකාරය

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත (Digital Motor Insurance Card)
මුද්‍රිත සහතිකයක් ( රක්ෂණ හිමියාගේ ඉල්ලීම මත පමණක්)
රක්ෂණ සමාගම මඟින් රක්ෂණ හිමියාට ජංගම දුරකථන යෙදුමක් මඟින් (Phone App) ලබාදෙන ඩිජිටල් රක්ෂණ කාඩ්පත

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩිජිටල් මෝටර් රථ රක්ෂණාවරණ ලබා දෙන ආකාරය

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත (Digital Motor Insurance Card)
මුද්‍රිත සහතිකපත් (රක්ෂණ හිමියන්ගේ ඉල්ලීම අනුව)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43