spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිනකට පිළිකා රෝගීන් 105ක්

දවසකට අලුතින් පිළිකා රෝගීන් 105ක් හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

2020 වර්ෂයේ දත්තවලට අනුව පිළිකා රෝගීන් 38,229ක් වාර්තා වී ඇති අතර ඉන් 20,395ක් කාන්තාවන්.

17,834 ක් පිරිමි පුද්ගලයන් බවයි විශේෂඥ වෛද්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළේ.

කාන්තාවන් අතර පියයුරු පිළිකා බහුල බවත් ඊට අමතරව ගර්භාෂ පිළිකා, තයිරෝයිඩ් හා මහා අන්ත්‍රයේ පිළිකා දැකිය හැකි අතර පුරුෂයන් අතර වැඩියෙන් ම වාර්තා වනුයේ මුඛ පිළිකා බව සඳහන්.

අමතරව පිරිමි පුද්ගලයන් අතර ශ්වසානාලය ගලනාලය හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා ද දැකිය හැකි බව ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

2020 වසරේදී පිළිකා ආසාදිතයින්ගෙන් 16,691ක් මරණයට පත්ව ඇති අතර දිනකට මරණ 46ක් පමණ වාර්තා වී තිබෙනවා.

කලින් හඳුනා ගැනීමෙන් පියයුරු, මුඛ සහ තයිරෝයිඩ් පිළිකා වැනි ඇතැම් පිළිකාවන් නිටිටටාවට ම සුව කළ හැකි බැවින් ඒ් ගැන දැනුවත්ව කල්පනාකාරීව කටයුතු කරන ලෙස පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?