මෙරට ක්ෂය රෝග මර්දනයට තාක්ෂණික සහාය දෙන්න ඉන්දියාවෙන් කැමැත්ත

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු – නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය සඳහා සහභාගී වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ඉන්දීය සෞඛ්‍ය සහ පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා සමඟ සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී පැවැති මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම දුෂ්කර අවස්ථාවකදීම ඉන්දීය රජය ලබා දුන් සහයෝගය සහ මිත්‍රත්වය වෙනුවෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස ශ්‍රි ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළකර සිටියා.

මෙම සාකච්ඡාවේ දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගෙන යන සැලසුම් සහගත වැඩපිළිවෙළට අදාළව, විශේෂයෙන්ම ක්ෂය රෝග මර්දන කටයුතු වඩාත් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම අනෙකුත් සහයෝගය අඛණ්ඩව ලබාදීමට ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟතාවය පළ කිරීම ද විශේෂත්වක්.

මීට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කෙරුණා.

ග්‍රාමීය මට්ටමින් ජනතාවට ලබාදෙන සෞඛ්‍ය පහසුකම් වඩාත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීමටත්, ඒ සම්බන්ධයෙන් දෙරටේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46