මීගමු බන්ධනාගාර ගැටුමට අදාළ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී තවත් සැකකරුවන් 05ක් හඳුනාගනී

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී ජීවිතක්ෂයට පත් වූ ඉන්දීය ජාතික රැඳවියකු වන උම්නිතාත් සරත්චන්ද්‍රන් නමැත්තාගේ මෘත දේහය අධිකරණයෙන් ලද නියෝගය අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ මැදහත්වීම මත මීගමුව මහ නගර සභාවට අයත් මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේදී සැප්තැම්බර් 02 දින විශේෂ ආරක්ෂාවක් යටතේ මිහිදන් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් නඩුකරය අද (08) මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදි අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, නඩු භාන්ඩ වශයෙන් ඔහු ඇඳගෙන සිටි ඇඳුම සහ පාවහන් යුගල රස පරීක්ෂක වාර්තාවකට යැවීම සඳහා අධිකරණයට භාර දෙන බවයි.

එම මෘත දේහය රජයේ වියදමින් මිහිදන් කළ බවද සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 11 දෙනෙකුගේ නම් කළ අතර එම සැකකරුවන් 11 දෙනා මෙම මස 10 වැනි දිනට ආවරණය කරන ලද ඇඳුම් සහිතව හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට මීගමුව බන්ධනාගාර අධිකාරිට නියෝගයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියා.

ඒ අනුව මේ වන විට සැකකරුවන් 81 දෙනෙක් නම් කර ඇති බව නිලධාරීන් සඳහන් කළා.

මෙම සිද්ධියට අදාළව 2200යකගෙන් පමණ ප්‍රකාශන ලබාගෙන ඇති බවත් නඩු භාන්ඩ වශයෙන් පොලිස් භාරයට ගෙන ආණ්ඩුවේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති එම භාණ්ඩ සඳහා මේ වෙනතුරු කිසිදු වාර්තාවක් ලැබී නැතැයිද කියා සිටියා.

අද (08) සැකකරුවන් 05 දෙනෙකු හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කළ අතර මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය හමුවේ මෙම හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වූ බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරුවන් හඳුනාගනු ලැබුවා.

එහිදී ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය මෙම නඩුකරයට සම්බන්ධ වීම සඳහා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න හරහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

අධිකරණයේ අවසර හිමි වීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කරුණු දැක්වූවා.

”ස්වාමීනි,
මේ සිද්ධියෙන් 32ක් මැරුණා බන්ධනාගාර ඇතුලේ. මේ ඉතා බරපතළ අපරාදයක්. ජුලි 05 සිදුවුණ මේ සිදුවීම රැඳවියන් අතර වුණ සාමාන්‍ය සිදුවිමක්. එයින් 3ක් මැරුණා.ඒ තත්ත්වය පාලනය කරලා තිබුණේ. එදින අවිආයුධ පවා බන්ධනාගාරයෙන් ඉවත් කළා. නමුත් එදා රැඳවියන් කූඩුවලට නොදා නිදැල්ලේ තියලා තිබ්බා. එදින බන්ධනාගාරයේ ආරක්ෂාවට නිලධාරීන් කිහිපදෙනෙක් හිටියා,තුවක්කු අතැතිව. පහුවදා උදේ හයවෙනකන් කිසිම අවුලක් තිබුණේ නැහැ. නමුත් කිසිම ප්‍රශ්නයක් නැති තැනකට බන්ධනාගාර මූලස්ථානයෙන් බන්ධ පොලිස් නිලධාරීන් 89ක් තුවක්කු 10ක් එක්ක ගෙනත් දැම්මා සිවිල් ඇදුමෙන්. ඒ අය ඉතා අමානුෂික ලෙස රැඳවියන්ට වදහිංසා කරන්න ගත්තා. ඒක දාරා ගන්න බැරි වුණ රැඳවියන් නිලධාරීන්ට පහර දුන්නා. එතනදි නිලධාරීන් 10ක් මැරුණා, රැඳවියොත් 19ක් මැරුණා. ගොඩක් අය තුවාල ලැබුවා. බන්ධනාගාරය ඇතුළට පිටින් වෙඩි තිබ්බේ ඇතුලේ හිටිය නිලධාරීන් තමයි. වැඩි හරියක් රැඳවියන් මැරුණේ වෙඩි වලින්. අද කියනවා තුවක්කු 300ක් විතර රස පරික්ෂනය යැව්වා කියලා. ඒ ⁣ගෙනාපු අවි වලින් තමයි වැඩි හරියක් මැරුණේ. ඒ අවි අරගෙන බැලුවනං බලන්න පුළුවන් මොකෙන්ද වෙඩි තිබ්බේ කියලා. කට උත්තර එක්දහස් ගානක් ගත්තලු. තව ඉවරයක් නැ. මේ නඩුව මෙහෙම ගෙනියන්න බැහැ. රජයේ බන්ධනාගාරයක් තුළ මැරුණ මිනිස්සු ගැන වගකීමක් රජයට තියනවා. ආණ්ඩුව මරුණ නිලධාරීන්ට විශාල මුදලක් වන්දි ⁣ගෙවනවා. රැඳවියන්ට මුකුත් නැහැ. මං අද පෙනී සිටින්නේ ජන අරග⁣ලයේ පුරවැසියෝ සංවිධානය වෙනුවෙන් සහ මිය ගිය රැඳවියකු මෙහොමඩ් වෙනුවෙන්, ඔහුට දරුවන් 7ක් ඉන්නවා .දැන් ඒ පවුල ඉතා අසරණයි. චූටිම දරුවාට තාම මාස දෙකයි. 54 වගන්තිය යටතේ රස පරික්ෂක වාර්තා එනකන් හිටිය කෙනෙක් මේ මැරුණේ. අපි කියන්නේ මේකට අර නිලධාරීන් 89 දෙනා වගකියන්න ඕන,ඒ අය අත්අඩංගුවට අරන් සැකකරුවන් කරන්න කියලා.
මේකට වෙඩි තියන්න අණ දිපු කොනාගේ ඉඳලා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕන. මෙතන සමුල ඝාතනයයක් වෙලා තියෙනවා. ඒ නිසා රැඳවියන්ට සාදාරනයක් වියයුතුයි. Cid එක ඒ අය වෙනුවෙන් හඬක් නගන්නැහැ.
ඒ අය දැනටමත් වරදකරුවෝ කරලා. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සාධාරණ පරික්ෂණයක් කරන්න කියලා.
රැඳවියන් සාක්ෂි දෙන්න පවා බයයි. මොකද සාක්ෂි දීලා යන්න වෙන්නේ එතනට නිසා. ඒ නිසා බය නැතිව සාක්ෂි දීමට පරිසරයක් හදන්න ඕන” යැයි ඔහු කරුණු දක්වමින් සඳහන් කළා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී චන්දන කලුආරච්චිගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් පිරිසක් විසින් මෙම වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 20 දෙනෙකු සහ රැඳවියන් 22ක් ජීවිතක්ෂයට පත් වූ අතර සීයකට අධික පිරිසක් තුවාල ලැබුවා.

මෙම නඩුකරයට අදාළ මීළඟ නඩුකරය එළඹෙන සැප්තැම්බර් 10 වැනි දින පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41
Video thumbnail
ගහන එක ග#නවා ආයේ කුඩු වෙන්නම - ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ
03:24
Video thumbnail
ගම්මන්පිල කියන්නේ නාමල් හිඟන්නෙක් කියලද ?මොළේ පරික්ෂා කරගන්න
01:36
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02