කොළඹ මහාධිකරණයේ විභාග වන හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුප්ත ගුණවර්ධන යන අයට විරුද්ධව අල්ලස් කොමිසම විසින් පවරා ඇති අල්ලස් නඩුවකට අධිකරණයේ විනිසුරුතුමා ලවා අත්හිටවු සිර දඩුවම් ලබා දීම සඳහා රුපියල් 750,000 /= ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (08) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් කොමිසම විසින් අද (08) අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ මහාධිකරණයේ අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙක් වශයෙන් සේවයේ යෙදී සිටි අයෙක්.













