දැන් රටේ තියෙන්නේ නිර්ප්‍රභූ පංතියේ පාලනයක් – ඇමති ලාල්කාන්ත

සියවස් ගණනකට පසු මෙරට බලය මේ වනවිට ප්‍රභූ පංතියෙන්, නිර්ප්‍රභූ පංතියට මාරු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා.

ඒ, අනුව මේ වන්විය ශ්‍රී ලංකාව තුළ පවතින්නේ නිර්ප්‍රභූ පංතියේ පාලනයක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (12) පැවති ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික මහා සමුළුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙතෙක් කලක් මෙරට පාලන කළ ප්‍රභූ පංතිය සතුව තිබූ සමාජ බලය, දේශපාලන බලය, ආර්ථික බලය සහ සංස්කෘතික බලය මේ වනවිට ඔවුන් සතුව නොමැති බවයි .

කෙසේ වෙතත් ප්‍රභූ පංතිය සතුව සුළු වශයෙන් හෝ යම් බලයක් ඇත්නම් එයද බිංදුවටම අවසන් කර දැමීමට අධිෂ්ඨාන කරගත යුතු බවයි ලාල්කාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ.

“සියවස ගණනකට පස්සේ මේ ශ්‍රී ලාංකීය භූමියේ ප්‍රභූ පංතියෙන්, ඊනියා ප්‍රභූ පංතියෙන් නිර්ප්‍රභූ පංතියට බලය මාරු වුණා. දැන් තියෙන්නේ නිර්ප්‍රභූ පංතියේ පාලනයක්. දැන් අර ප්‍රභූ පංතියට, සමාජ බලයත් නෑ, දේශපාලන බලයත් නෑ, ආර්ථික බලයත් නෑ ඒත් චූට්ටක් තියනවා ඒ ටිකත් අපි බිංදුවටම බස්සනවා කියලා අධිෂ්ඨාන කරගන්න ඕන.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35