දැදුරු ඔයේ ඛේදවාචකයෙන් අතුරුදන් මවගේ සහ අනෙක් දරුවාගේ සිරුරු හමුවේ

කුරුණෑගල, බෝගමුව, පෙරහේනවත්ත ප්‍රදේශයේ දී දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි 33 හැවිරිදි මවගේ සහ අනෙක් දරුවාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

දියේ ගිලී අතුරුදන්ව සිටි දරුවාගේ මළ සිරුර ඊයේ (25) රාත්‍රියේ 11ට පමණ සොයාගත් බවයි බෝගමුව පොලිසිය සඳහන් කළේ.

33 හැවිරිදි මවගේ සිරුර අද (26) අලුයම් කාලයේ සිදුකළ මෙහෙයුම්වල දී හමු වී තිබෙනවා.

මොවුන් දෙදෙනාගේ සිරුරු කුරුණෑගල මහ රෝහල වෙත යොමු කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

බෝගමුව, පෙරහේනවත්ත ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දින නෑමට ගිය මවක් සහ ඇයගේ 07 හැවිරිදි සහ 05 හැවිරිදි දරුවන් දෙදෙනා ඊයේ දහවල් දියේ ගිලී අතුරුදන් වී තිබුණා.

එලෙස දියේ ගිලීමෙන අතුරුදන් වූ එක් දරුවෙකුගේ සිරුර ඊයේ (25) පස්වරුවේ සොයාගැනීමට හැකියාව ලැබුණා.