දැදුරු ඔයේ ඛේදවාචකයෙන් අතුරුදන් මවගේ සහ අනෙක් දරුවාගේ සිරුරු හමුවේ

කුරුණෑගල, බෝගමුව, පෙරහේනවත්ත ප්‍රදේශයේ දී දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි 33 හැවිරිදි මවගේ සහ අනෙක් දරුවාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

දියේ ගිලී අතුරුදන්ව සිටි දරුවාගේ මළ සිරුර ඊයේ (25) රාත්‍රියේ 11ට පමණ සොයාගත් බවයි බෝගමුව පොලිසිය සඳහන් කළේ.

33 හැවිරිදි මවගේ සිරුර අද (26) අලුයම් කාලයේ සිදුකළ මෙහෙයුම්වල දී හමු වී තිබෙනවා.

මොවුන් දෙදෙනාගේ සිරුරු කුරුණෑගල මහ රෝහල වෙත යොමු කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

බෝගමුව, පෙරහේනවත්ත ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දින නෑමට ගිය මවක් සහ ඇයගේ 07 හැවිරිදි සහ 05 හැවිරිදි දරුවන් දෙදෙනා ඊයේ දහවල් දියේ ගිලී අතුරුදන් වී තිබුණා.

එලෙස දියේ ගිලීමෙන අතුරුදන් වූ එක් දරුවෙකුගේ සිරුර ඊයේ (25) පස්වරුවේ සොයාගැනීමට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53