Empty Ad
Empty Ad
AFC Banner

දශක 04කට පෙර අභ්‍යවකාශ ගතකළ චන්ද්‍රිකාවක් පෘථිවියට කඩා වැටේ

ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් අක්‍රීය වූ චන්ද්‍රිකාවක් පෘථිවියට කඩා වැටීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මීට දශක 04කට පමණ පෙර අභ්‍යවකාශ ගතකළ චන්ද්‍රිකාවක් මෙලෙස පෘථිවියට කඩා වැටීමට නියමිත බවයි.

මෙම චන්ද්‍රිකාව වර්ෂ 1984 දී පෘථිවියේ විකිරණ පරීක්ෂා කිරීම සඳහා අභ්‍යවකාශයට යැවූ එකක් බවයි වාර්තා වන්නේ.

කිලෝ ග්‍රෑම් 2,450ක් බර මෙම චන්ද්‍රිකාව වායුගෝලයට ඇතුළු වී පහළට පැමිණෙද්දී ගිනි ගෙන දැවී කැබැලි වනු ඇති බවයි නාසා ආයතනය සඳහන් කරන්නේ.

එය කඩා වැටීමෙන් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අවම බවත් එම ආයතනය වැඩි දුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?