spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දර සොයන්න ගිය පොලිස් නිලධාරියෙකු අතුරුදන්

මන්නාරම, පොලිස් ස්ථානයේ පොලිස් මුළුතැන්ගෙට අවශ්‍ය දර සෙවීමට ගිය පොලිස් සැරයන්වරයකු ඊයේ (19) සිට අතුරුදන් වී ඇති බව මඩු පොලිසිය පවසනවා.

මෙම පොලිස් සැරයන්වරයා ඇතුළු පිරිසක් දර සෙවීමට ට්‍රැක්ටර රථයකින් මඩු කැළෑවට පැමිණි අවස්ථාවේ මෙලෙස අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මඩු හා මන්නාරම් මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායම් කිහිපයක් අතුරුදන් නිලධාරියා සොයා අද (20) උදෑසන වන විටත් පරීක්ෂණ මෙහෙයවන බවයි.

කෙසේවෙතත් අතුරුදන් නිලධාරියා අද (20) උදෑසන වන විටත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මඩු කැළෑවේ දර කැඩීමට ගිය අවස්ථාවල දී වලස් ප්‍රහාරයන්ට හා වන අලි ප්‍රහාරයන්ට ලක්ව පුද්ගලයින් කිහිපදෙනෙකු මීට පෙර ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ අතර යාපනය, කයිතඩි ප්‍රදේශයේ ඊයේ (19) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසූවේ කොඩිකාමම් පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

පොලිස් නිලධාරියා පැමිණි යතුරුපැදිය බස් රථයක ගැටී ඔහු මාර්ගයේ වැටී ඇති අතර අනතුරුව ඉදිරිපසින් පැමිණි තවත් ලොරි රථයක ද ගැටී ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක්.

අනතුරට අදාළ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?