දර සොයන්න ගිය පොලිස් නිලධාරියෙකු අතුරුදන්

මන්නාරම, පොලිස් ස්ථානයේ පොලිස් මුළුතැන්ගෙට අවශ්‍ය දර සෙවීමට ගිය පොලිස් සැරයන්වරයකු ඊයේ (19) සිට අතුරුදන් වී ඇති බව මඩු පොලිසිය පවසනවා.

මෙම පොලිස් සැරයන්වරයා ඇතුළු පිරිසක් දර සෙවීමට ට්‍රැක්ටර රථයකින් මඩු කැළෑවට පැමිණි අවස්ථාවේ මෙලෙස අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මඩු හා මන්නාරම් මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායම් කිහිපයක් අතුරුදන් නිලධාරියා සොයා අද (20) උදෑසන වන විටත් පරීක්ෂණ මෙහෙයවන බවයි.

කෙසේවෙතත් අතුරුදන් නිලධාරියා අද (20) උදෑසන වන විටත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මඩු කැළෑවේ දර කැඩීමට ගිය අවස්ථාවල දී වලස් ප්‍රහාරයන්ට හා වන අලි ප්‍රහාරයන්ට ලක්ව පුද්ගලයින් කිහිපදෙනෙකු මීට පෙර ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ අතර යාපනය, කයිතඩි ප්‍රදේශයේ ඊයේ (19) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසූවේ කොඩිකාමම් පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

පොලිස් නිලධාරියා පැමිණි යතුරුපැදිය බස් රථයක ගැටී ඔහු මාර්ගයේ වැටී ඇති අතර අනතුරුව ඉදිරිපසින් පැමිණි තවත් ලොරි රථයක ද ගැටී ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක්.

අනතුරට අදාළ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29