හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු රෝහල ගත කර තිබෙනවා.
මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඔවුන් පිරිස ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අද (20) දින උදෑසන 8.45 ට, මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන් 96 දෙනෙකු උදෑසන ආහාරය ගැනීමෙන් පසු ,ඔවුන් අතරින් සිසුන් 36 දෙනෙක් හුස්ම ගැනීමේ අපහසුතා හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත් එලෙස රෝහල් ගතකෙරුණු සිසුන් 30 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබාගෙන නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
තවත් සිසුන්නේ 06 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
