ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවට අදාළව, එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන දෙසැම්බර් මස 1 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීළඟ නඩු දිනයේදී බන්ධනාගාරගතව සිටින්නේ නම්, ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව පසුගිය නඩු වාරයේදී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහැරීමට නියෝග කර තිබුණා.
