Rajapura Handi Oil
Rajapura Diabetic Powder

Update – රොටුඹ අමිල දිවයිනට රැගෙන එයි

රුසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු බවට සැකකෙරෙන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ මේ වන විට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

දකුණු පළාත කේන්ද්‍ර කාරගනිමින් සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට පොලිසියට අවශ්‍ය සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන මොහු පසුගිය වසරේදී රුසියානු ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව එරට ආරක්ෂක අංශ සමඟ සම්බන්ධය වෙමින්, ඔහුව මෙරටට රැගෙන එම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මෙරට පොලිසිය කටයුතු කළා

ඔහුව මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සියාව බලා පිටත්ව ගිය අතර, ඒ අනුව, ඔහුව අද දිනයේදී මෙරටට රැගෙන විත් තිබෙනවා.