දරුවන් ලක්ෂ 10කට කෑම නැතිවීමේ අවදානමක්

පසුගිය සති කිහිපය තුළ ගැටුම් හා අනාරක්‍ෂිතභාවය ඉහළ යාමත් සමඟ ඇෆ්ගනිස්ථානයේ සිටින දරුවන් මිලියනයක් පමණ දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව යුනිසෙෆ් ආයතනය නිකුත් කළ නවතම නිවේදනයක දැක්වේ.

පවතින අර්බුදකාරී තත්ත්වය දිගටම පැවතුණහොත් අවුරුදු 5ට අඩු ළමුන් මිලියනයක් පමණ මන්දපෝෂණයට ගොදුරු විය හැකි බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

අර්බුදයට වැඩියෙන්ම ගොදුරු වී ඇත්තේ දරුවන් ය. සමහරුන් තම නිවෙස්වලින් බලහත්කාරයෙන් පිට කර ඇති අතර ඇතැමුන්ට පෝලියෝ සහ ටෙටනස් වැනි රෝග වලින් ඔවුන්ව ගලවා ගත හැකි මූලික සෞඛ්‍ය සේවාවන් ද අහිමි වී ඇත.

“ආරක්ෂක අර්බුදයත්, අහස උසට නැඟෙන ආහාර මිල ගණන්, දැඩි නියඟයත්, COVID-19 ව්‍යාප්තිය සහ තවත් කෙලවරක් නැති ගැටලු සමග ළමුන් වෙන කවරදාටත් වඩා වැඩි අවදානමට මුහුණ පා සිටී.

“වර්තමාන ප්‍රවණතාවය දිගටම පැවතුනහොත්, ඇෆ්ගනිස්ථානයේ වයස අවුරුදු 5 ට අඩු ළමුන් මිලියනයක් දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බව යුනිසෙෆ් පුරෝකථනය කරයි-එය ජීවිත තර්ජනයක්. මේ අතර, ගැහැණු ළමයින් මිලියන 2.2 ද ඇතුළුව ළමුන් මිලියන 4 කට වැඩි සංඛ්‍යාවක් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටිති. ළමයින් 300,000 ක් පමණ නිවෙස්වලින් එළියට දමා ඇති අතර, සමහර අය නිදා සිටියදී, සමහරෙක් පාසල් පොත් කියවමින් සිටියදී බවත් කොට ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කිසිඳු දරුවෙකුට නොදැකිය යුතු දසුන් දැක ඇත. මානසික සෞඛ්‍ය සහය ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවයෙන් දරුවන් සහ නව යොවුන් වියේ දරුවන් නොසන්සුන්තාවයෙන් හා භීතියෙන් පොරබදමින් සිටිති.’ යනුවෙන් එම සංවිධානය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42