දඹුල්ල අවුරා හමුවේ ජැෆ්නා රජවරු අසරණ වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හතරවන තරගය අද (01) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.ඒ, දඹුල්ල අවුරා කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

එහිදි දඹුල්ල අවුරා කණ්ඩායම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනිමට සමත් විය.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ජැෆ්නා නායකයා සමත් වූ අතර, ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ජැෆ්නා කිංග්ස් පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 129ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරු චරිත් අසලංක අඟනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 56ක් රැස්කළ අතර, තව්හිඩ් රිඩෝයි ලකුණු 24ක් රැස් කිරීමට සමත් වුණා.

අද තරගයේ දී ජැෆ්නා කණ්ඩායමට එක්වූ ප්‍රහාරාත්මක පිතිකරු ඩේව්ඩ් මිලර් ලකුණු 14ක් රැස්කළ අතර නායක තිසර පෙරේරා ලකුණු 06ක් සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළා.

පන්දු යැවීමේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූ දඹුල්ල අවුරා ක්‍රීඩක ධනංජය ද සිල්වා පන්දුවාර 04ක් තුළ ලකුණු 17කට එක් කඩුල්ලක් දවා ගත්තා.

නූර් අහමඩ් සහ ෂානාවාස් දහානි එක් කඩුල්ල බැඟින් බිඳ දැමූවා.

වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සිය පන්දුවාර 04 තුළ කඩුලු 02ක් බිඳ දැමුවේ ලකුණු 27ක් පමණක් ලබා දෙමින්

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 130ක අභියෝග ගත ඉලක්කයක් හිමිවුණා.

දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කල අවිශ්ක ප්‍රනාන්දු 52ක් ,කුසල් මෙන්ඩිස් 29ක් ලබා ගත්තේ ජැෆ්නා කිංග්ස්ට හිසරදයක් ලබා දෙමින්,කුසල් පෙරේරා නොදැවී 34 ක්ද,සදීර 12ක් ද ලබා ගත්තා. ඔවුන් පන්දුවාර 16.2 තුළ 132ක් ලබා ගත්තේ කඩුලු 2ක් පමණක් පුජා කරමින්

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ සහ විජය කාන්ත් එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25