spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දඹවින්න ගොවින් කබලෙන් ලිපට

හදුනා නොගත් කහ පැහැතිවීමේ  රෝගයකට ගොදුරුවීමෙන් වැලිමඩ දඹවින්න ගොවිජන සේවා බල ප්‍රදේශයේ සියලුම බෝංචි වගාවන් මේ වන විට කිසිදු අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිව විනාශවෙමින් පවතින අතර ඒම හේතුවෙන්  ගොවි ජනතාව දැඩි අසීරු තත්වයකට පත්ව සිටිති.

මෙම බෝංචි කහවීමේ රෝගය මේ වන විට මෙම ප්‍රදේශයේ සියලුම බෝංචි වගාවන්වලට සීග්‍රයෙන් පැතිරයමින් පැවතීම නිසා මෙම රෝගය අනෙකුත් බෝග වගාවන්ටද පැතිර යතයි ගොවි ජනතාව දැඩි භීතියට පත්ව තිබේ.

මෙම රෝගයට ගොදුරු වූ වගාබිම්වලින් කිසිදු අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිවීම නිසා මේ වන විට මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව කරකියා ගත දෙයක් නොමතිව සුසුම්ලමින් සිටිති.

බෝංචි වගාවන් සිදු කිරීම සදහා විවිධ ආයතනවලින් සහ බැංකුවලින් ණය මුදල් ලබා ගනිමින් සහ තම නිවෙස්ව තිබූ රණ් භාණ්ඩ උගස් කර විශාල වියදමක් දරා මෙම වගාවන් සිදු කර ඇතත් මෙම බෝංචි වගාවන් කහවීමේ රෝගයට ගොදුරුවීමෙන් සතපහක මුදලක් හෝ ලබා ගැනීමට නොහැකිවී ඇතයි මෙම ජනතාව කියති. 

මෙම රෝගය සදහා ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් වෙළදසැල්වල ඇති සියලුම රසායනික බෙහෙත් වර්ග රැගෙනවිත් යොදා ඇතත් ඒ් කිසිදු බෙහෙතකින් මෙම රෝගය නතර කර ගැනීමට හැකියාවක් ලැබී නැතයි ගොවි ජනතාව කියති.

මේ පිළිබදව ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හා ගොවිජන සේවා කාර්යාලවලට දැනුවත් කර ඇතත් ඒ් කිසිදු නිළධාරියෙකු මේ පිළිබදව සොයා බැලීමටවත් මෙම ගොවි බිම්වට පැමිණියේ නැතයි චෝදනා කරති.

ඒම නිසා මෙම ප්‍රදේශයේ ගොවි  ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා  මෙම බෝංචි කහවීමේ  රෝගය කුමක්දැයි දැනුවත් කර ඒම රෝගයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන්නයි  ප්‍රදේශවාසීගොවි  ජනතාව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?