දකුණේ ATM යන්ත්‍රවලින් කෝටි ගණනක් ඉස්සූ විදේශිකයින් ඇතුළු පිරිස අල්ලයි

දකුණු පළාතේ ප්‍රදේශ තුනක රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සොරකමට සම්බන්ධ විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින විදේශිකයින් දෙදෙනා කැනේඩියානු සහ බල්ගේරියානු ජාතිකයින් බවයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මෙම සැකකරුවන් කොළඹ සහ කටුනායක ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

කරාපිටිය, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිස ඔවුන් මෙම සොරකම් සිදුකර තිබෙනවා.

එහිදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් මෙලෙස සොරාගෙන තිබූ බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11